ආසියාවේ සමරිසි විවාහ (Same-Sex Marriages) නීතිගත කරන ලද පළමු රට බවට පත්වීමට තායිවානය අද (17) සමත්විය. 2017 වසරේ යෝජනා කරනු ලැබූ මෙම නීතිය පාර්ලිමේන්තුව විසින් වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම නිසා එය නීතියක් බවට පත්වීම සිදුවිය.
සමරිසි අයිතීන් උදෙසා ක්‍රියාත්මකවන ආයතන, නීති
විශේෂඥයන් ඇතුළු පාර්ශව ගණනාවක් මේ වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වූ අතර, මෙම ජයග්‍රහණයෙන්
පසුව සියගණනක් වූ සමරිසි ප්‍රජාව පාර්ලිමේන්තුව අවට රැස්වී ප්‍රීති ඝෝෂාකරන අයුරු
දක්නට ලැබිණි.
මෙම පනත මගින් සමරිසි ප්‍රජාවට විවාහ වීම සහ
පවුල් ඒකකයක් නිර්මාණය කරගැනීමේ අයිතිය හිමිව ඇති නමුත්, වෙනත් පාර්ශවයකට හිමි
දරුවන් ඇති දැඩිකිරීම සඳහා තවමත් නීති සම්පාදනය වී නොමැත.
තායිවානය තවමත් චීන ජනරජය සතු දූපත් රාජ්‍යයක් වන
අතර චීනය පවා ඉක්මවා යන තාක්ෂණය සහ සම්පත්වලින් සැදුම්ලත් රටකි. මිලියන 23ක පමණ
ජනග්‍රහණයක් වෙසෙන එම රටේ 20%ක පමණ ජනගහණය බෞද්ධයන් වේ.
මානව සංවර්ධන දර්ශකය සහ ආර්ථික දර්ශක ගණනාවක
වේගයෙන් ඉදිරියට යන රටක් වන තායිවානය, ආසියාතික කලාපය තුල මානව හිමිකම් රැකීම
අතින් ඉදිරියෙන්ම පසුවන රාජ්‍යයකි.


0 Comments