ස්ත්‍රීවාදය කාලයක් තිස්සේ තොරම්බෝල් කරන ලද මෙන්ම අටුවා,ටීකා ලියා අච්චාරුකරන ලද මාතෘකාවක් බව නොකියා සිටිය නොහැකිය. එසේ වුවද ස්ත්‍රීවාදය නොහොත් Feminism ගැන යථා අවබෝධයක් ඇති ජීවීන් සංඛ්‍යාව ඉතා විශාල විය නොහැකිය. ඒ නිසා ස්ත්‍රීවාදය සම්බන්ධයෙන් ප්‍රාමාණික හෝ දැනුමක් ලබාතිබීම පෘතුවි ජීවීන් ලෙස මෙන්ම ලෝකයේ විභවතාවන් හඳුනාගත යුතු මිනිසුන් ලෙස වඩාත් වැදගත් වනු ඇත.
ස්ත්‍රීවාදය යන සිංහල වදනට මුල්වුණු Feminism
යන වචනය සෑදී ඇත්තේ femina හෙවත් කාන්තාව යන අර්ථය දෙන ලතින් වදන භාවිතයෙන්
ය. මෙය මුල් වශයෙන්ම භාවිතා වුනේ දශක කිහිපයකට පෙර ඇරඹි කාන්තා අයිතිවාසිකම් හා
ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සාධාරණත්වය උදෙසා වන අරගල අවස්ථාවන්හී දී ය. සාමාන්‍යයෙන් Feminism
යන්නෙහි සෘජු අර්ථය ස්ත්‍රීත්වය නොහොත්
කාන්තාභාවය ලෙස හැඳින්විය හැකි ය.
ටොරිල් මෝයි ට අනුව feminist සහ feminism යන
වදන් හුදෙක්ම දේශපාලනික අර්ථ උදෙසා නිර්මාණය වූ ලේබල් බවත් ඒවායේ අභිප්‍රාය වුයේ
60 දශකයේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයට නව ජීවයක් එක්කිරීම ය. ඒ නිසා ඉන් පසුව එළඹි සමයේ
මේ වචනාර්ථයන් සාක්ෂාත්කිරීම උදෙසා ස්ත්‍රීවාදිත්වය හා බැඳුණු සාහිත්‍යයක් ද
නිර්මාණය විය.
ස්ත්‍රිවාදිත්වය පිළිබඳ චින්තනයේ මූලාරම්භය
පුරුෂාධිපත්‍යයට සහ ආගමික, සංස්කෘතික කල්ලිවාදිත්වයේ ආක්‍රමණයට ලක්ව තිබුණු ස්ත්‍රීන්ගේ
ස්වාධීනත්වය හෝ ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයයි. ඒ තුලින්
කාන්තාවන්ට නිදහස් චින්තනයක් සහිතව සාමාන්‍යකරණය වූ ජීවිතයක් ගතකිරීම සඳහා ඇති
අයිතිය ප්‍රශ්න කරන ලදි.
මානව ශිෂ්ටාචාරයේ මූලික අවධියේ සිට සමාජ ධාරාව
තුල කාන්තාවන්ට හිමිව තිබුණේ පුරුෂයාට පසු දෙවැනි ස්ථරය මිස සම ස්ථර නොවන බව
නොරහසකි. එසේම බටහිර දාර්ශනික චින්තනය තුලද කාන්තාවන්ට එකී නිදහස හෝ ස්වාධීනත්වය
හිමි නොවීම මත එය කාලාන්තරයක් තිස්සේ උඩුදුවන ගැටළුවක් බවට පත් විය.
කාන්තාව ඉතිහාසය අධ්‍යයනය හරහා සාම්ප්‍රදායිකව
තමන්ට හිමිව තිබූ සහ හිමිව ඇති ස්ථාන මෙන්ම එකී තත්වයන් නිසා තමන්ට අහිමිවුණු සමාජ වරප්‍රසාද, අයිතීන් වෙනුවෙන් කතිකාවතක්
නිර්මාණය කිරීම සමග ස්ත්‍රීවාදී චින්තනය මුල් බැසීම ඇරඹිනි. ඒ හරහා පුරුෂාධිපත්‍ය
හෙවත් පුරුෂයන් මූලික කරගත් පාලන භූමිකාවට අභියෝග කරමින් පුරුෂයින් මත රඳා
පැවැත්මේ සීමා මායිම් කඩා දැමීම ආරම්භ විය.
ස්ත්‍රීවාදී චින්තනය තුල ප්‍රවාදයන් කිහිපයක්
හරහා කාන්තාවන් පුරුෂාධිපත්‍යට අභියෝගකරන ලදි. කාන්තාවගේ ස්ථානය පිළිබඳ, ඔවුන්
සම්බන්ධයෙන් පොදු නිර්වචනය සම්බන්ධව, ප්‍රජනන හා ලිංගික කාර්යයන් හා බැඳුනු
තත්වයන් පිළිබඳව මෙහිදි ප්‍රශ්න කෙරිනි. ප්‍රසිද්ධියේ කෙරුණු පෙළපාලී, වැඩමුළු,
රැස්වීම් සහ සටන් ඔස්සේ ඔවුන් මේ පිළිබඳ සමාජයෙන් විමසා සිටියහ.
ඒ හා සමගාමීව බිහිවුණු ස්ත්‍රී දාර්ශනික කතිකාවත
ඔස්සේ ස්ත්‍රීවාදයේ දාර්ශනික පැතිකඩ ඉතා පුළුල් ලෙස විමර්ශණය කිරීම හා ඒවායේ නව
විභවයන් සමාජය හමුවේ තැබීම සිදුවුණි. ඒ නිසාම ස්ත්‍රීවාදී අරගලය ලෝක මාතෘකාවක් සහ
පුවත් මවන සාධකයක් බවට පත්විය.


0 Comments